මම
ගල් මල් අතර
නිල් රතු මාළු පීනන
පොඩි මුහුදකින් වටවුණ
පොල් ගස් කොදෙව්වේ
සුදුවට හිනා වෙන
ඔබේ කළු කොල්ලා මං
තෙත කළු මිදි දෑස්
ගත පුරා කළු මවිල් ගස්
නටන නලියන කළු මස්
මිස මගේ ඩා බිඳක ගඳක් සුවඳක්
නොපෙන්වයි ඔබට මා
පෙන්වන තිරය හතරැස්
තද රතු වද මලක්
රන්වන් මුහුදු වෙරළක්
බිළිඳු තේ දළුවක්
කළුම කළු තුණු සිරුරක්
ඔබට මා අන් කවරක්?
ඔබ
සිඟරට් දුම් වලා මැද
සුවඳින් ම තේරූ
ඉපැරණි වයින් විත
සිසිරයෙ දිග රැයක
අතරමං මේපල් පත
මා නිවන දල්වන ලා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්
සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමඟ
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුණ
ඇත්තටම මම
අලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසයි හිඳ ගනිමි
හිස මදක් පහත් කොට
ඇත්තටම ඔබ
????
අප දෙදෙන මැද මහ මුහුද
අඩු තරමේ දෙන්නාට දෙන්නා බලාපොරොත්තු අතඅරගෙන නැනේ. ඒක ලොකු දෙයක්නේ
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා
superb
ReplyDelete''ඇත්තටම මම
ReplyDeleteඅලුතින් නගී සුදු කෙස්
එක දෙක හිස මතට
වෙහෙසයි හිඳ ගනිමි
හිස මදක් පහත් කොට
ඇත්තටම ඔබ
????
අප දෙදෙන මැද මහ මුහුද''
ඇත්තටම මේ මම..... හිතට දැණුනා සුන්දර දුක්බර කවියක්..
මහ පුදුම කවියක්නේ
ReplyDeleteමං මේ කවිය කියවලා තාම ඒ ගැන හිතනවා. සුදු පටු කුටියක,කුඩා කවුළුවකින් දුඹුරු පලු පැටියෙක් එක්ක එබෙන කෙනෙක් ගැන පුංචි හීනයක් පේනවා. මේක හරිම රිදවුම්කාරීයි. ඒකමයි මං මේ කවියට කැමති. ඉසුරු ඔයා පුංචි ඇල්පෙනෙති,ඉඳිකටුවලින් හදවතේ හොඳටම රිදිච්ච තැන්වලට අනිනවා. වෙලාවකට ඒ රිදුම හරිම ප්‍රමෝදජනකයි. තවත් වෙලාවකට ලේ ගලන සුළුයි.
ReplyDeleteස්තූතියි රසවත්-කම්පනීය කවි ලියනවට.
තව තවත් කියවමි
ReplyDeleteතව තවත් කියවමි
ReplyDelete