Thursday, March 3, 2016

එබු වල


මුල්ලේරියාව උතුර, පොකුණුගොඩ පිහිටා ඇති එබු වලට එම නම ලැබී ඇත්තේ අතීතයේ දිනක තම බිරිඳගේ අනියම් සම්බන්ධයක් පිලිබඳ දැනගත් ගැමි ප්‍රභූවරයෙකු ඇයව එම කුඩා ජලාශයේ ඔබා, ගිල්වා මරා දැමූ නිසා බවට ජනප්‍රවාදයක් පවතී. නොගලයි එ'දිය නොසිඳෙයි ඉර සැර ලද ඉඩක කෙකටිය, ඕලු මල් දෙයි වල් බෙලි පඳුරු අඳුරේ කොරවක් පැටව් ඉපදෙයි රෑ ගී ගැයූ මැඩියෙක් දිය නයි කටක මියැදෙයි සුදු, රිදී බඩවත පා කුඩ මසුන් තුටුවෙයි පතිත පත් දිය මත වැඩිදුර නොගොස් කිමිදෙයි එබු වල ඔබේ හදවත කොතැනද නොවැටහෙයි

2 comments:

  1. නිර්මාණශිලි අදහසක් සහෝ,ලස්සන වචන ගැලපිමක්,
    ජයෙන් ජය

    ReplyDelete
  2. Mul puwatha kaviyenma genaawa nam hodai. Eaka kiyawapuwama mata kaviye swabhavika bawa adu unaa

    NOGALAI EDIYA NOSIDEI...

    ReplyDelete