Thursday, March 3, 2016
එබු වල
මුල්ලේරියාව උතුර, පොකුණුගොඩ පිහිටා ඇති එබු වලට එම නම ලැබී ඇත්තේ අතීතයේ දිනක තම බිරිඳගේ අනියම් සම්බන්ධයක් පිලිබඳ දැනගත් ගැමි ප්‍රභූවරයෙකු ඇයව එම කුඩා ජලාශයේ ඔබා, ගිල්වා මරා දැමූ නිසා බවට ජනප්‍රවාදයක් පවතී. නොගලයි එ'දිය නොසිඳෙයි ඉර සැර ලද ඉඩක කෙකටිය, ඕලු මල් දෙයි වල් බෙලි පඳුරු අඳුරේ කොරවක් පැටව් ඉපදෙයි රෑ ගී ගැයූ මැඩියෙක් දිය නයි කටක මියැදෙයි සුදු, රිදී බඩවත පා කුඩ මසුන් තුටුවෙයි පතිත පත් දිය මත වැඩිදුර නොගොස් කිමිදෙයි එබු වල ඔබේ හදවත කොතැනද නොවැටහෙයි
Tuesday, October 13, 2015
හතලිස් වියැති මනාලිය
"මිස්, මිස්ට කැන්ඩියන් වලට
වඩා ඉන්ඩියන් යන්නෙ. කැන්ඩියන් ඇන්ඳොත් වයස පෙනෙයි. වයිට් ඕකිඩ් බොකේ එකක් එක්ක
ඩල් ගෝල්ඩ් ඉන්ඩියන් සාරි එකක් කරමු. කොණ්ඩෙට ඕකිඩ්ස් බඩ්ස් එක්ක රෝස් බඩ්ස්
දාමු" - රූපලාවන්‍ය ශිල්පිනිය.
අනේ....
බැරිද මට
මේ ඉන්න
විදියට
කළු සායකට
පොඩි නිල් මල්
වැටුනු
සුදු බ්ලවුස්
එක අඳින්න?
මල් පොකුරු
ඕනෙමද?
බැරිද මට
පුරුදු විදියට
කළු කුඩේ අරන්
කොණ්ඩෙ තනි
කරළට ගොතන්
බාටා දාගෙන
ඉන්න?
අනේ....
බැරිද මට එදාට
බොරුවට හිනා
නොවී ඉන්න?
ආදරෙන් හිත
පුරෝගෙන
කෝලෙට හිනා
වේගෙන
හීන පොකුරක්
අතට අරගෙන
පෝරුවට ගොඩවෙන
කෙල්ලෙක් නෙමේ
මං
පැරදිලා
ආදරෙන්
වගුරලා වගුරලා
වැස්ස වාගේ
කඳුළු
ගෙදරට නාකි
වුණු
අම්මලට බරක්
වුණු
දකින වට පිට
ඇස් වල
පැටලුනු රොඩ්ඩ
වුණු
තනි හිතට
ඉවසගෙන
අන්තිමට මෙහෙම
පැරදුනු
ගෑනියෙක්....
දන් දෙන්න යන
ගමනක් මේ
දන්නෙ නැති
වයසක මිනිහෙක්ට
දිරාගෙන යන
මගෙ ඇඟ
හැළි වලං
හෝදන්න
තුන් වේල බත්
තම්බන්න
ගේ එළි පෙහෙලි
කරගෙන
කියන විදියට
ඉන්න
හිත හදං යන
ගමනක් මේ
හිතේ කහටක්
නැතුව
චූටි නංගී බඳී
බර බිමින්
තිබ්බැයි
අපේ අම්මට
හිතෙයි
මල්ලි අලුතින්
ගෙනා
මනමාලි හිනා
වෙයි
අඳුරු මූසල
පෙනුම
මහ ගෙයින් අයින්
වෙයි
ඉන්ඩියන්
ඇන්ඳට
හංගන්න
පුළුවන් වෙයිද
මට හිතෙන
හිතුවිලි?
එය අයට හිනා
යයි
දිරපු මේ මගෙ
කඳට
මල් ගහලා, සුදු කරලා
බන්දේසියක
දාලා
කේක් ගෙඩියක්
වගේ
පිටත් කර
හරිනකොට
අනේ බැරිද මට
ඉන්න මේ
විදියට
එදාට.....?
Saturday, April 18, 2015
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
ඉපැරැණි පාළු දෙවොළක
වර නැගෙයි ප්‍රේමය
හුරු අත් නුහුරු කර
නුහුරු අත් හුරු කර
දවා හද සඳුන් දර
වඳී ඔබ ඔබෙ පිළිරුව
විටෙක අසෙනිය මලකී
විටෙක ලෝ දිය ගඟකී
පියුමකින්, ගිනි සිළුවකින්
සෙළකින්, නයි කඳුළකින්
මැරි මැරී යළිත් උපදී
කරිකාල් අම්මයිර්
තවමත් මෙතැන රැවු දේ
ඔබේ තාලම් පට හඬ
සළඹ හඬවන කන්නගී
දැවේ තව මදුරා පුර
සෙලුව සඟවන දෞපදී
ඉවර නැත තව දූ කෙළි
මනම්පේරී එයි
ඉසිප්‍රියා හට ඇඬුම් යයි
වර නැගෙයි ප්‍රේමය
හුරු අත් නුහුරු කර
නුහුරු අත් හුරු කර
දවා හද සඳුන් දර
වඳී ඔබ ඔබෙ පිළිරුව
විටෙක අසෙනිය මලකී
විටෙක ලෝ දිය ගඟකී
පියුමකින්, ගිනි සිළුවකින්
සෙළකින්, නයි කඳුළකින්
මැරි මැරී යළිත් උපදී
කරිකාල් අම්මයිර්
තවමත් මෙතැන රැවු දේ
ඔබේ තාලම් පට හඬ
සළඹ හඬවන කන්නගී
දැවේ තව මදුරා පුර
සෙලුව සඟවන දෞපදී
ඉවර නැත තව දූ කෙළි
මනම්පේරී එයි
ඉසිප්‍රියා හට ඇඬුම් යයි
රාවණා රන් දෝලී
මන්දෝදරී නිහඬයි
වග වලස් වෙස් ගෙන වර වර කුවණ්නා
කළු කපුරු දුම් මැද මැවියන් කාලි අම්මා
මන්දෝදරී නිහඬයි
වග වලස් වෙස් ගෙන වර වර කුවණ්නා
කළු කපුරු දුම් මැද මැවියන් කාලි අම්මා
හද මුහුද කැළැඹී
දළ රළ නගන්නා
රතු වද මල් පැළඳ
කවුදෝ හඬන්නා
දළ රළ නගන්නා
රතු වද මල් පැළඳ
කවුදෝ හඬන්නා
Tuesday, April 14, 2015
අත්තම්මා
පැදුරේ ගුලිව
අඳුරේ නැගෙන
හඬවල් අසමි
අඳුරේ නැගෙන
හඬවල් අසමි
පහන් එළියක් සේ
නැගේ ඇගෙ පිරිත් හඬ
නැගේ ඇගෙ පිරිත් හඬ
සිහින් කැස්සක් විත්
ඉඳහිට වද කළත්
අගෙයි ඒ කටහඬ
ලෙලෙන, රැව් දෙන
මදක් තෙත් බර
ඉඳහිට වද කළත්
අගෙයි ඒ කටහඬ
ලෙලෙන, රැව් දෙන
මදක් තෙත් බර
පිරිතේ නොවැටහෙන වචන
අඳී අඳුරෙහි සිතුවම්
අඳී අඳුරෙහි සිතුවම්
තෙත සෙවල කඳ මත
කිරි පිහිය ඇඳ සීරුවට
කිරි දොවින්නී ඈ
ගසින් ගස මඟ නොහැර
කිරි පිහිය ඇඳ සීරුවට
කිරි දොවින්නී ඈ
ගසින් ගස මඟ නොහැර
කැටි කර චීත්තය
බැස ලූලා වලට
ඇනෙන කටු මඟහැර
කර උස්සා බලන
ළා කොහිල දළු තෝරා
මිටි කර එක් අතෙක
බැස ලූලා වලට
ඇනෙන කටු මඟහැර
කර උස්සා බලන
ළා කොහිල දළු තෝරා
මිටි කර එක් අතෙක
රිංගා කම්බි වැට
අසල මහ වත්තේ
අහුලා වියලි පොලයක්
වප්පිහි තුඩේ අවුනා
ගෙදර එන්නී ඈ
අසල මහ වත්තේ
අහුලා වියලි පොලයක්
වප්පිහි තුඩේ අවුනා
ගෙදර එන්නී ඈ
මද මද හඬ අඩුව
නිවුනු පසුවය ඇගෙ පිරිත
ඇසෙන්නේ අපමණ හඬ
නිවුනු පසුවය ඇගෙ පිරිත
ඇසෙන්නේ අපමණ හඬ
රබර් හේඩාවේ
තනි පැහැති රෑහි හඬ
ඇතුල් හද හූරන
තනි පැහැති රෑහි හඬ
ඇතුල් හද හූරන
ලූලා වලට ඔබ්බෙන්
නරි හූවකිය රැව් දෙන
නරි හූවකිය රැව් දෙන
බොරළු පාරෙන් ඉඳහිට
නැගෙයි උඩු බිරුමක්
නිදිමත දුර යවන
නැගෙයි උඩු බිරුමක්
නිදිමත දුර යවන
Sunday, March 29, 2015
ඉක්බිති
ගෙඩි පොඩියි, කහටයි
රහ නැහැ, හරිම ඇඹුලයි
කියා අප කැපූ පසු
කාමරංගා පඳුර
නො එයි ඒ කුරුල්ලා
හැර සියළු කවුළු පත්
අසමි ඒ දැයි දුරින්වත්
හද දොරෙහි යතුර වූ
මියුරු ඒ කුරුළු හඬ
Thursday, December 4, 2014
To ‘Podi’ Herath
To ‘Podi’
Herath
“….. you got a job transfer and
bid farewell with tears saying that you’ll come back to see us and write to us.
So far haven’t received just a single phone call from you. Your phone numbers
are also dead. Since I’ve insistently invited, it’s not fair that your sending
of money as gift without attending my wedding. Our hearts are broken…..”
-An excerpt from a letter sent by ‘Podi’
Herath of Kahatagasdigiliya
Even I’m not replying
You’re still inscribing
Though I clenched to not to set eyes on them
I’m reading your letters unthinkingly, Herath
While the wet drops of memories
Which put aside as thirst refreshments
Are cosseting in the middle of the heart
Please; don’t stir up mud by meddling in
Spitting with mouth distorted
Moistening the heart with same wineglass shared
Songs sung to the darkness
Still resounding in my subconscious
When Jothi’s songs are airing
I switch off the radio
But I hear unceasingly those songs
I cannot shut down my memory
I passed several roses
With large red petals
Those crooked thorns pierced
Could be drawn out easily
Even they are invisible those tiny thorns
Still pricking in my thoughts
I’ll post this letter
Not very soon;
On a day my mind become strong
I’ll maul my mind to death
Figuring it as a venomous little viper
I’ll incinerate in trash
All the letters you’ve sent me
I’ll pay homage to you
If you please, don’t write back
-Isuru Chamara Somaweera
Translated by - Wojith karnanayaka
Saturday, November 29, 2014
Blue Striped Shirts
Passing through the sun
In blue striped shirts
True that they are old
but the Sunday’s sun has rejuvenated them
After the afternoon siesta
time is becoming frozen slowly
Tasting the fragrance of the sun
I fold the blue stripped shirts after ironing to be smoothed
I’m still searching
For the blue striped shirts
Like as the one I received from you
With unswerving Blue streaks
on a white background
I sit on the moon
With a flask of wine
I can see from the distance
The earth on which
Flowers are blooming, greenish buds are sprouting
Isuru chamara somaweera
Translated by Wojith Karunanayaka
Monday, October 6, 2014
Subscribe to:
Posts (Atom)







.jpg)






