“ ඉඳිකඩ ළඟ ඉඳන්
මග බලන
පැලක් නැති
හේනක
අකල් වැසි
වැටෙද්දී
තුරුළු කර
පුතු රකින
තම්බා බතල දළු
ලුණු දියර ඉස
කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි
පොත් ගේන ”
ඒ මගේ අම්මා
නොවේ
මතකයි,
කුඩා මා අතින්
ගෙන
ඇවිද ගිය හැටි
ඔබ
තොටළඟ වීදි වල
මඩ කඩිති තුළ
ඇඳි
දේදුණු
පෙන්වමින්
සිරි සිරි
පොදේ තෙමෙමින්
තාත්තා
හොයන්නට
බූස්සට ගිය
දවස් වල
බස් එකේ මඟ
දිගට
කියා දුන්නා
ඔබ
වෘකයා පැරද වූ
රතු හැට්ට
කාරිය ගැන
වීසි කර කුඩා
මා ගඟ දියට
"ඉතිං පීනා වර
", කියා
ගිලෙද්දී
අතින් ඇද
මහ හඬින්
හිනැහිලා
පහුවදා ආයෙමත්
ඔබ
ගඟ දියට මා විසි
කලා
ගුටි කා,
තොල පැලී, ඉදිමී
මා ගෙදර ආ පෙර
දිනෙක
නොගෙන ඔබෙ ඔය
තුරුළට
තනියෙන්ම අඬන්නට
ඉඩ හැර
ජෝතිගේ සිංදු
ඇහුවා ඔබ පාඩුවේ
කිසිවක්
නුදුටු විලසට
සායට රිබන්
අල්ලන
"තරුණි"
පත්තර බලා
මල් මෝස්තර
හොයන
සුදු කෙස් කළු
කරන
අම්මා ඔබයි
මගෙ
කිසිදාක සාරි
නොඅඳින
අමතකව ගිය
ඇන්ජිගේ ගීයක
තනුව තාමත්
මුමුණන
උපැසින් බලා
හෙමිහිට
රිබන් එම්බ්‍රොයිඩරි
කරන
පොළට ගොස්
කේවල් කරන
හවස තේකට
පැටිස් සාදන
මල් වවන,
ඉරිදා පත්තර බලන
මගේ අම්මා
ඔබයි
මා ලියන කවි
නොකියවන
දුරින් හිඳ
මදහස නගන
ඉසුරු චාමර
සෝමවීර
ammala ehemaya ... eka eka ammala ehemaya ... eth e ape ammalaaya... :)
ReplyDeleteසවිමත්ව නිවහල්ව නැගී සිටින්නට පුතුට ඉඩ හළ අම්මා කෙනෙක්.
ReplyDeleteඅද මෙන් කඩපිල් බහුල නොවූ බාල කල අම්මා සමග කඩුවෙල පොලේ , කිරිබත්ගොඩ , තොටළඟ මාකට් එකේ හෝ පිටකොටුව මැනිං මාකට් එකේ ඇවිදපු හැටි පෙනී නොපෙනී ගොහින් නෙත් තෙමෙයි . මගතොට දකින නෙක හැඩති ගැහැණුන් කාගේ හෝ අම්මෙක්. අනගි කවි පෙළක්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සන කවියක්, ශක්තිමත් ආත්මයක් තියෙන අම්මා කෙනෙක් ඒ ශක්තිය තම පුතුට දුන් හැටි කියවෙන.
ReplyDeleteමං ගොඩක් වෙලා බලන් හිටියා මේ කවිය දිහා....
ReplyDeleteමුල ඉඳන් අගටත් කියෙව්වා, අග ඉඳන් මුලටත් කියෙව්වා...
niyamai!!!!
ReplyDeleteලස්සන පද පෙලක්... අම්මා දෙස මසැසින් විමසා තැබූ සටහනක්.
ReplyDeleteමා වටා උන්
ReplyDeleteහිතමිතුරුවන්
කියවා මා කවි
කියත් දී ගුණ දොස්
නොදැනෙන තුටක්
දැනේ මට
කන්ණාඩි කුට්ටම
සොයා වරුවක්
ලද මද ඇසිල්ලක
මා ලඟට විත්
මා ලියූ කවක් දැක
කඳුලක් නඟා මුත්
හිනැහෙන අම්මා අබියස...
මවිත වෙමි විටෙක
ඒ මන්ද....
මගේ හොඳම කවිය
අම්මේ ඔබ නිසාවම
නොවෙද?