ඉර විඳිමි
නිල් ඉරි කමිස
තුළ
පරණයි නම්
තමයි
එහෙත් ඉරිදා
ඉර
මේවා නැවුම්
කර ඇත
දිවා කෙටි
නින්දට පසු
කාලය මිදෙයි
හෙමිහිට
විඳ ඉරේ
සුසුවඳ
මැද නමමි නිල්
ඉරි කමිස
සොයමි මම
තවමත්
ඔබෙන් ලද
කමිසය මෙන්
වෙනත් නිල්
ඉරි කමිස
සුදු
පසුබිමෙහි
ඇද නැති සිහින්
නිල් ඉරි ඇති
මදු බඳුනක්
සමඟ
හිඳගනිමි සඳ
මත
පෙනේ දුර
ඈතින්
මල් පිපෙන,
නිල් දළු ලන
මහ පොළොව
ඉසුරු චාමර
සෝමවීර
හුදෙකලාවක් දැණුනා අන්තෙටම යන....
ReplyDeleteලස්සනයි අයියෙ..
මෙවන් නිල් ඉරි කමිස මල් පිපෙන, නිල් දළු ලන
ReplyDeleteමහ පොළොව මත කෙතෙක්නම් දිරා යන්නට ඇද්ද....
ලස්සනයි :)
ReplyDeleteNice one..!!
ReplyDeleteඅදමයි ආවේ....ලස්සනයි...එන්නම් ආයිත්..
ReplyDeleteආලය , විරහව , පාළුව , ජිවිතයේ අනියත බව
ReplyDeleteReally Nice :)
ReplyDeleteනියමයි ඉසුරු අයියේ...දිගටම ලියන්න දිගටම එනවා කියවන්න
ReplyDeleteලස්සනයි!!!
ReplyDeleteyet another one that touches my taste..
ReplyDeletereally cool....
ReplyDelete