සියවසෙන් සියවස
මල් ලියකමින් බර කළ
වදන් කැටයම් තුළ
නිදන් කළ, වදන් නැති කවියකි
බර පොත් පිටු අතර
කුස තණ අට මිටක් මත
හිඳ එකලාව අරණක
මදහස නැගූ මිනිසෙකි
පියුම්, විදුරසුන් මත හිඳුවා
බඹයෙන් බඹය උස් කර
ලැකර් ගා නෙත් අඳ කළ
සොඳ සුවඳ මල් වැසි මැද
ගිඟුම් දෙන වන්දනා නද තුළ
දැවෙද්දිත් අපමණ පහන් තිර
නොපෙනී අතුරුදන් කළ
මිනිසෙකි සරල, සුන්දර
niyamay atta yatharthaya sadarana lesa kavi karala thiyanawa
ReplyDeleteඑකෙම්ම සුන්දරය
ReplyDeletenice ,nice and nice
ReplyDeleteලස්සනම ලස්සන කවියක්
ReplyDeleteNiwana kawiyak. Maarama asai mekata mama
ReplyDelete