Thursday, October 25, 2012

නිල් ඉරි කමිස


ඉර විඳිමි
නිල් ඉරි කමිස තුළ
පරණයි නම් තමයි
එහෙත් ඉරිදා ඉර
මේවා නැවුම් කර ඇත

දිවා කෙටි නින්දට පසු
කාලය මිදෙයි හෙමිහිට
විඳ ඉරේ සුසුවඳ
මැද නමමි නිල් ඉරි කමිස

සොයමි මම තවමත්
ඔබෙන් ලද කමිසය මෙන්
වෙනත් නිල් ඉරි කමිස
සුදු පසුබිමෙහි
ඇද නැති සිහින් නිල් ඉරි ඇති

මදු බඳුනක් සමඟ
හිඳගනිමි සඳ මත
පෙනේ දුර ඈතින්
මල් පිපෙන, නිල් දළු ලන
මහ පොළොව

ඉසුරු චාමර සෝමවීර

11 comments:

  1. හුදෙකලාවක් දැණුනා අන්තෙටම යන....

    ලස්සනයි අයියෙ..

    ReplyDelete
  2. මෙවන් නිල් ඉරි කමිස මල් පිපෙන, නිල් දළු ලන
    මහ පොළොව මත කෙතෙක්නම් දිරා යන්නට ඇද්ද....

    ReplyDelete
  3. අදමයි ආවේ....ලස්සනයි...එන්නම් ආයිත්..

    ReplyDelete
  4. ආලය , විරහව , පාළුව , ජිවිතයේ අනියත බව

    ReplyDelete
  5. නියමයි ඉසුරු අයියේ...දිගටම ලියන්න දිගටම එනවා කියවන්න

    ReplyDelete
  6. yet another one that touches my taste..

    ReplyDelete