Sunday, March 17, 2013



නැටුම

- දෙවොල් බෙරය විටෙක රුදුරුය, තවත් විටෙක වේදනාවෙන් ගැහෙන් හදක් මෙන් සෝබරය -
"අයාලේ ගිය සිතක සටහන්" - තිස්ස අබේසේකර.

වැසි වැටී
බොර වතුර සුළි නග නගා
පා තෙමන විට
ඉඩ දෙයි කුඩා කඩ පිල
මට සහ කුඩා දුම් උගුරකට
කුඩ, කුඩ, කුඩ…
පිලිවෙලක් නෑ දෙපසට….

ඇස පියූ විට
ඇසෙන්නේ දුරින් බෙර හඬ
උරිනුර ගැටී, තරු යට
එක්ව අත් අල්ලා අප ඇසූ

අතින් ගෙන පොල් මල
නටමි......
තබමි අඩි බෙර පදට
නගා හිස, සලා කෙස්
බලමි ඔබ දෙස...
නැත ඔබ,
කුඩ, කුඩ, කුඩ…
නන්නාඳුනන මුහුණුය
පියා දෑසම
නටමි....
බදා දෝතින් පොල් මල
ගසා ගමි හිසට, පපුවට
රිදෙන සේ පිට දෙපසට
නටමි....

නිවී ගිය පසු දුම
පා කරමි ෆිල්ටරය
සුළි නගන, පා තෙමන බොර වතුරෙහි

2 comments:

  1. ලස්සනයි.. සංවේදීයි.. කලාත්මකයි..

    ReplyDelete
  2. කවිය හුගාක් ලස්සනයි අය්යේ..අතීත මතකයන් එක්ක හුදෙකලා වුනු පුද්ගලයෙක්ගේ හිතේ ඇතිවෙච්ච සංකීර්ණ සිතිවිලි දෙවොල් බෙර හඬ එක්ක සම්බන්ධ කරලා තියෙන විදිය හරිම අපුරුයි..

    ReplyDelete