Tuesday, September 2, 2014

පොත් පිටු අතර කැඩපත්


උන් වහන්සේ ත් ‘බුදුහු මා හා කථා නො කරණ සේකැ’යි තුන් මසක් මුළුල්ලෙහි බුදුන්ට කයින් ලං ව ගත නො හී ‘බුදුන් දැක්ක නො හෙන මාගේ ජීවත් වීමෙන් ප්‍රයෝජන කිම් ද, පර්වතයට නැඟී ලා වැටී ගොසින් මියෙමි’ යි ගිජු කුළු පවුවට නැඟි සේක. - වක්කලී තෙරුන්වහන්සේගේ වස්තුව - සද්ධර්ම රත්නාවලිය තිගැස්සෙමි, පොත් පිටු අතර කැඩපත් මා මෙන් ම පතා එක් තනි බැල්මක් ගඟ ළඟම හිඳ තිබහින් දැවෙන්නට ඇති ඔබ නිහඬව තනිව රුක් මුල ලිහන්නට ඇති දෙසු දම් දකින්නට යම් තෙතක් සිසිලක් වට අවට මහ සෙනඟ මැඳ එකලාව කතරක සොයන්නට ඇති ඔබ කුඩා ඊ තණ පඳුරක් පිටුවහල් කල පසු නඟින්නට ඇති ගිජු කුළ උතුරන විට දෙනෙත තෙමෙන්නට ඇති ගල් පඩි මට මෙන් නොව ඔබට ගිඟුම් දීගෙන සිහිලට වහින්නට ඇති එවිට


2 comments:

  1. මුණිවරයෙකුට පෙම්බැඳ

    ReplyDelete
  2. එකම කතාවක
    පැහැදිලි දෙ පැතිකඩක්

    ගෞරවය භක්තියද
    ආදරය ප්‍රේමය ද ?

    වක්කලී ගලෙන් පැන්නද ?

    ReplyDelete