Sunday, March 29, 2015

ඉක්බිති


ගෙඩි පොඩියි, කහටයි
රහ නැහැ, හරිම ඇඹුලයි
කියා අප කැපූ පසු
කාමරංගා පඳුර

නො එයි ඒ කුරුල්ලා

හැර සියළු කවුළු පත්
අසමි ඒ දැයි දුරින්වත්
හද දොරෙහි යතුර වූ
මියුරු ඒ කුරුළු හඬ

4 comments:

  1. ඇඹුල් රසත් රසයකැයි
    තේරුම් ගන්නා දවස තෙක්
    තිත්ත රසැති අපූරු
    කාමරංකා ගස් හොඳින්
    පැලවෙන්නේ නැති වේවි . .

    එතුවක් අමුතු කාමරංකා
    රසට ලොබ බැඳි කුරුල්ලෝ
    නො එනු ඇති . .

    අපි ඉඩ නොදී ඉමු
    තිත්ත හා ඇබුල් රසැති
    කාමරංකා ගස් කපන්න
    පැනි රහට වහ වැටුනු උන්ට

    ReplyDelete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete
  3. ඇඹුලයි තමයි කාබරංගා
    ගෙඩි පොඩියි
    රහක් නෑ
    කහටයි
    කපා දැමුවේ පඳුර
    ඒ එකක්වත් නිසානම් නෙමෙයි
    ඉවසලා
    ඉවසලා
    බැරිම තැන
    හැමදාම එන
    ඒ කුරුල්ලා
    පුරුදු කාබරන්ගා පඳුර
    අමතකව
    පහල වෙල ළඟ
    බෝවිටියා ගහේ අත්තක
    නගන කිචි බිචි හඬ
    ඇසීමෙන්
    දන්නවා හොඳටම ...
    ඇහෙන්නේ නෑ
    නැවත ඒ කුරුළු හඬ
    විවර කලමුත් සියලු දොරගුල්
    හදවතේ...
    එන්නෙ නැති බව දන දැනත්
    බලන් ඉන්නවා හැමදාම
    ඇස් රිදෙන තුරු
    රවට්ටා ගන්නවා හිත
    නැවත ඒ යැයි කියා..
    බලන් ඉන්නවා
    පුංචි කුරුල්ලෝ
    තාම මම

    ReplyDelete
  4. හ්ම්...................... ගිය නුවණ අද්දන්නද?????

    ReplyDelete